Monday, February 3, 2014

A/L ඇනගත්ත නංගිල මල්ලිලට ගොඩ යන්න පොඩි පණිවිඩයක්

                 A/L කියන්නෙ මටනම් තිබ්බ subjects ටිකවත් මතක හිට්ටෙ නැති විභාගයක්. අපිට ඉතිං දියකරලා පෙව්වත් ඕක ගොඩ යන්න බෑ කියල මමනං මුල ඉදලම දැනං හිටියා. ඒත් පණ්ඩිත කමට උඩ දාං ගිය නිසා දිගමට කරං ගියා කෙලවෙනකංම. A/L ගොඩ යන්න පින තියෙන්න බොහොම පොඩ්ඩක් අයට විතරනෙ. අනික් අය එක්කෙ ජී.ඒ.කියු ද මොක්කද සීන් එකක් කරනවා, නැත්තං ප්‍රයිවට් තැනක කෝස් එකකට සෙට් වෙනවා, පොඩි ජොබක් සෙට් කර ගන්නවා, එහෙමත් නැත්තං  රස්තා පාර දාගන වේලි වේලි ඉන්නවා.

                  කවදාවත් හොදක් කරන් නැති ලංකාවෙ රජය පුදුමෙකට වගේ සහෝ දැන් NVQ කියල දෙයක් ගෙනල්ල තියනවා. එක ගැන අහල නැති වෙන්න බෑනෙ. උඹල දැං ලොකු ළමයි. ඔයිට වඩා ගොඩක් ඒව දන්නවා ඇතිනේ.  NVQ කියන්නෙ සහෝ National Vocational Qualification කියන එකට. ඒකෙන්ම තේරනවනෙ සීන් එක.  වැඩි විස්තර ඕනිනම් මෙන්න ගන්න.


                    කිසිම පාසල් අධ්‍යාපනයක් නැති කෙනෙකුට උනත් Degree එකක් ගන්න පුලුවන් මේකෙන්. ඒ හින්දා ගෙදරට වෙලා ඉන්නෙ නැතිව ටිකක් හොයල බලන්න. ජීවිතේ වෙනසක් වෙයි ගොඩක් අයට. 

මේ තියෙන්නෙ NVQ ගැන පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් එකක්. යට තියන ලින්ක් වලින් කෝස් තියන තැන් , විස්තර ගන්න පුළුවන් වෙයි.





මේ ලංකාවෙ තියන ප්‍රසිද්ධ NVQ කරගන්න පුඵවන් තැන් ටිකක්. තව හොයල බල්න්න.

මේකෙන් වැඩක් උනා නම් ටිකක් හරි කමෙන්ට් එක්ක හරි යාඵවන්ට බලන්න FB හරි දාන්න. සුභ අනාගතයක්.     ම.රා . නෙමේ හොදේ. 

No comments:

Post a Comment

Popular Posts