Sunday, September 10, 2017

AL, OL වලින් විතරක් ඉල්ලපු කාලෙ ඉවරයි.

සෑහෙන කාලෙකින් මේ පැත්තෙ ආවෙ. ඇත්තම කියනවනම් අවුරුදු 3 කින්. යන්තම් ඉගනගන්න වැඩ ටික ඉවරයි. මතක ඇතිනෙ කලින්ම කිවුව මම NVQ system එක ගැන. කියන්න සතුටුයි දැන් වෙද්දිනම් ලංකාවෙ ගොඩක් දෙනෙක් ඒක ගැන දැනුවත්. මම ලියපු එක බලල එක්කෙනෙක් හරි ගොඩ ගියානම් ඒ ඇති මට හොදටම.

NVQ ගැන දන්නව උනත් තවම ගොඩක් දෙනෙක් දන්නෙ නැති දෙයක් ගැන තමයි මම මේ කියන්න යන්නෙ. NVQ පැත්තෙන් ගොඩක් උඩට ගියත් රස්සාවකට ගැසට් කලාම අධ්‍යාපණ සුදුසුකම් විදිහට සාමාන්‍යය පෙළ හරි උසස් පෙළ හරි ඉල්ලන එක ලංකාවෙ පුරුද්දක්නෙ. NVQ වලින් ඩිප්ලෝමාවක් කරපු කෙනෙක් උනත් එතනින් හිර වෙනවා. මේ කියවන අයටත් ඉස්සරහට පාසල් අධ්‍යාපනය මගදි නැවතුන අයට එහෙම ගොඩක් සතුටු හිතෙන දෙයක් තමා මම කියන්නෙ. මේක පාර්ලිමේන්තුවෙ සම්මත වෙලා සෑහෙන කාලයක් වෙලත් තාම මේ ගැන සාමාජයෙ දැනුවත් කම අඩු නිසයි මේක ලියන්නෙ.

NVQ 3 වෙනි මට්ටමේ සහතිකයක් තියන ඕනිම කෙනෙකුට සාමාන්‍යය පෙළ විභාගය සමත් කෙනෙක් විදිහට තාක්ෂණික හෝ කාර්මික රුකියා වලට අයදුම් කරන්න පුළුවන් දැන්. ඒ වගේම
NVQ 4 වෙනි මට්ටමේ සහතිකයක් තියන ඕනිම කෙනෙකුට උසස් පෙළ විභාගය සමත් කෙනෙක් විදිහට තාක්ෂණික හෝ කාර්මික රුකියා වලට අයදුම් කරන්න පුළුවන්. කොහොමද ඒක.

පාසල් අධ්‍යාපනය අවුල් උන කෙනෙක්ට NVQ කියන්නෙ දෙයියො දීපු තෑග්ගක් කියල දැන් තේරෙනවනෙ. හැබැයි මොන දේ වුනත් මහන්සි වෙන්නෙ නැතිව ගොඩ දාන්න බෑ.

මාව සැකයි වගේ හිතෙන අය යට තියන ලින්ක් වලට ගිහිල්ලම බලන්න. එහෙනම් ජය වේවා. හිත හිත ඉදල පසුතැවෙන්නෙ නැතිව දැන්ම කරන දෙයක් පටන්ගන්න. ජීවිතය ජයගන්න තියන එකම දේ පාසල් අධ්‍යාපණය විතරක් නෙවේ. ඔයාලගෙ ප්‍රතිචාරය හොදයි වගේනම් මේකෙන් දෙයක් ගන්න අය ඉන්නව වගේ පේනවනම් මම NVQ පැත්තෙන් රුකියා හොයන්න ලේසිම වෙන පාඨමාලා ගැන දීර්ඝ විස්තරයක් ඉස්සරහට ලියන්නම්. දැනට බායි..


රාජ්‍ය චක්‍රෙල්ඛණය
මේ සම්බන්ධව වාර්ථා කර තිබු වෙබ් අඩවි

No comments:

Post a Comment

Popular Posts