පාකිස්ථානය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ මාලාවේ තරඟ කාල සටහන මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා. පලමු ටෙස්ට් තරගය සාමාන්‍යය පරිදි මෙම මස එනම් සැප්තැම්බර් 28 සිට ඔක්තෝම්බර් 2 දක්වා අබුඩාබි Sheikh Zayed ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අතර දෙවන තරගය Dubai අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී රත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ. මෙම තරගය එරට වේලාවෙන් පස්වරු 5.00 ට ආරම්භ වේ.
ප්‍රථම රාත්‍රී ටෙස්ට් තරගයට මුහුණ දෙන අපේ ශ්‍රී ලංකා විරුවන් කෙස් මෙම අභියෝගය ජය ගනීදැයි සියළුම ලාංකීය ප්රේක්ශයයන් නොඉවසිල්ලෙන් බලා සිටිමු.
පරාජිත මානසිකත්වයෙන් මිදී ගොඩ ඒමට මෙම තරගාවලිය බොහෝ රුකුලක් වන බව විදේශ විචාරකයිගේ මතය බව වෙබ් අඩවි රැසක වාර්ථා විය.
ප්‍රථම එක්දින සීමිත ඕවර් තරගය ඔක්තෝම්බර් 13 දින පැවැත්වෙන අතර මෙම තරගාවලිය සදහා එක්දින ජාත්‍යන්තර තරග 5ක්ද ඇතුලත්ය. සියළු පන්දුවාර 50 තරග දිවා රත්‍රී තරග ලෙස පැවැත්වේ.
තරගාවලිය අවසන් වන්නේ සීමිත ඕවර පන්දු වාර 20 තරග 3ක් ද සමගිනි. එම තරග 3 ද පෙර සේම රාත්‍රී තරග ලෙස පැවැත්වේ.
මෙහි විශේෂ වන්නේ ප්‍රථම වරට තරග තරගාවලියක තරග 9ක් රාත්‍රී තරග ලෙස ක්‍රීඩා කිරීමයි.
මෙහි කාලසටහන පහතින්.
No comments:
Post a Comment