මේ වෙනකොට ලෝකෙම හොල්ලපු දුරකතනයක් තමා ගැලැක්සි නෝට් 8. අමුතුම පෙනුමක් එක්කම සැම්සුන් සමාගම වැඩිය භාවිතා නොකරන දිවිත්ව කැමරා පහසුකම සහිත ඉතා ප්‍රභල දුරකථනයක් වන මෙය 2017 සැප්තැම්බර් එනම් මෙම මස එලි දැක්වුනා. නමුත් මම දන්නා තරමින් ලංකාවේදීනම් මෙම දුරකථනය මිලට ගැනීමට නොහැකිය. නමුත් නොබෝ දිනකින් මෙරට පාරිභෝගිකයින්ටත් මෙම අගනා දුරකථනය පරිශීලනය කිරීමේ හැකියාව උදා වනු ඇත.
ගැලැක්සි නෝට් දුරකථන වලට ආදරේ කරන පාරිභෝගිකයින්ට මෙම දුරකථනය පෙර නොතිබුනු සිත් ඇදගන්නා සුලු පෙනුම නිසා තවත් සමීප වනවා නොඅනුමානය.
අපි බලමු මෙය සතු අංග මොනවාද කියා,
- මෙහි අගල් 6.3 ක විශාල ප්‍රමාණයේ තිරයක් අඩංගුය.විශාලනය 1440 x 2960 වන අතර අගලක ඇති පික්සල් ප්‍රමාණය 521 තරම් අගයක් ගනී. මේ නිසා මෙම තිරය ඉතා පැහැදිලි ආකර්ශණීය රූප ලබා දෙයි.
- මෙහි වීදුරුව Corning Gorilla Glass 5 වර්ගයේ ශක්තියෙන් ඉහල සීරුම් රහිත වේ.
- ප්‍රොෙසසරය Qualcomm MSM8998 Snapdragon 835 වර්ගයේ වන අතර Octa-core (4x2.3 GHz & 4x1.7 GHz) - EMEA හා Octa-core (4x2.35 GHz Kryo & 4x1.9 GHz Kryo) - USA & China ලෙස මාදිලි දෙකකින් වෙළදපලට පැමිනේ.
- මෙය 64/128/256 GB, 6 GB RAM ලෙසත් අවශ්‍යනම් තවත් මෙමරි කාඩ් පතක් භාවිතා කිරීමේ හැකියාවත් පවතී.
- මෙම දුරකථනය තනි සිම්පතක් හා දිවිත්ව සිම්පත් ආකාරයෙන් මාදිලි දෙකකි.
- පසුපස කැමරාව Dual 12 MP (26mm, f/1.7, PDAF & 52mm, f/2.4, AF), OIS, autofocus, 2x optical zoom, dual-LED (dual tone) flash ලෙස හා ඉදිරිපස කැමරාව 8 MP, f/1.7, autofocus, 1/3.6" sensor size, 1.22 µm pixel size, 1440p@30fps වේ. මේ මගින් වෘත්තීය මට්ටමේ ඡායාරූප ලබා ගැනීමේ හැකියාව පාරිභෝගියාට ලැබේ.
- මෙහි මෙහෙයුම් පද්ධතිය ලෙස Android 7.1.1 (Nougat) භාවිතා වේ.
- මෙහි මා දකින එකම දුර්වලතාවය නම් බැටරියයි. නෝට් 7 හි 3500mAH ලෙස තිබූ බැටරිය මෙහි 3300mAH වේ. මේ නිසා එක ආරෝපණයකින් පාවිච්චි කල හැකි පැය ගණන සුඵවෙන් හෝ අඩුවීමක් දැකිය හැකිය.
- මෙය අප රටේ මුදලින් රු.145000.00 පමණ වන අතර මේ වන විට දුරකථන ලෝකයේ මහත් ආකර්ශණීය දුරකථනයකි.
මෙහි කැමරාව පිළිබද තව දුරටත් දැනගැනීමට පහත වීඩියෝව නරඹන්න.
දුරකථනය පිළිබද තව දුරටත් දැනගැනීමට පහත වීඩියෝව නරඹන්න.
දුරකථනයේ සියළු තොරතුරු දැනගැනීමට පහත ලින්ක් එක ඔබන්න.
http://www.gsmarena.com/samsung_galaxy_note8-8505.php
No comments:
Post a Comment