මෑත කාලීනව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩිම කතාබහට ලක්වූ ක්‍රීඩකයා ඇන්ජලෝ මැතිවුස් බව කවුරුත් අනිවාර්යෙන්ම පිලිගත යුතුයි. සමහර ලාංකික ප්‍රේක්ශකයන්ට අනුව ඇන්ජලෝ මැතිවුස් යනු කුහකයෙකි. තරග පාවා දෙන්නෙකි. පාසලේ මිතුරන් පමණක් කණ්ඩායමට ගත් කුහකයෙකි.
නමුත් සැබැවින්ම සත්‍යය එයද. යම් පාර්ශවයක උවමනාව සදහා මේ අසහාය ක්‍රීඩකයා මානසිකව හැකි තරම් වට්ටා කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්කර එයිනුත් සෑහීමකට පත්වීමට නොහැකිව මේ වන විට කණ්ඩායමේ ස්ථානයද කෙසේ හෝ අහිමි කිරීමේ උත්සාහයක නිරත වී සිටී.
ඇත්තටම කවුද මේ මැතිවුස්,
කුඩා කාලයේ සිටම නායකත්ව ගති පෙන්වමින් උපතින්ම ක්‍රිකට් ගෙනා අසහාය ක්රීඩයයෙකි. විරාත් කෝලි, ජෝ රූට් වැනි විශිෂ්ඨ ක්‍රීඩකයින් හා සමාන මොහු අපේ රටට මෑත වකවානුවේ ලැබුණු විශාලතම සම්පත නොවේද. එකම කෝණයකින් නොබලා මොහු කුමන මට්ටමේ ක්‍රීඩකයෙකුද යන්න සිතා බලන ඕනෑම කෙනෙක්ට අනිවාර්යෙන්ම වැටහිය යුතු කරුණ නම් මෑත කාලීන ක්‍රිකට් වලට ලැබුන හොදම සම්පත මොහු බවයි.
අසේල ගුණරත්න ක්‍රීඩකයා ගැනද සදහන් කල යුතුමයි. මොවුන් දෙදනා ශ්‍රී ලාංකීය ක්‍රිකට් ඉහල තලයට ගෙනයාමට අපට ලැබුණු වටිනාම සම්පත්ය. අර්ජුන රණතුංග මහතා රූපවාහිණී සාකච්චාවක සදහන් කල පරිදි ඇන්ජලෝ යනු ඉතාම උපක්‍රම ශීලී නායකයෙකි. තවද අර්ජුන මහතා පාලක මණ්ඩලයේ සිටියේ නම් කුමන හේතුවක් නිසාවත් ඇන්ජලෝට නායකත්වයෙන් ඉවත් වීමට ඉඩ නොදෙන බවයි. ක්‍රිකට් පිළිබද හසල දැනුමක් සහිත පුද්ගලයෙකු එවැනි දේ පවසද්දී පලමු පෙල තරගයක්වත් ක්‍රීඩ කර නැති පුද්ගලයින් ගේ ප්‍රකාශ ගැන කවර කතාද?
දැන් උන දේ හමාරය. අපේ ක්‍රීඩකයන් රැකගැනීම අප සතුය. මඩ ප්‍රචාර වලට නොරුවටී විශිෂ්ඨ ක්‍රීඩකයින් පහත් කර කථා කිරීම නවතමු. ජාතික කණ්ඩායම නියෝජනය කරන මට්ටමට පැමිණීම හිතන තරම් ලෙහෙසි කාර්යයක් බට වටහා ගෙන අපේ සම්පත් රැක ගනිමු.
ඇන්ජලෝ SLPL අවසන් තරගයේ දැක්වූ අසාමාන්‍යය පිතිකරණය පහලින්.